සොබාදහමේ බලපෑම වෙනස් කළ නොහැකි වුවද කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා සියළු පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගොවිජන අභිමන් – 2018 ජනාධිපති සම්මාන උළෙලට ඊයේ පස්වරුවේ කොළඹ දී එක්වෙමින්.
ගොවි ජනතාව අද වැඩි වශයෙන්ම මුහුණ දෙන්නේ ස්වභාවධර්මය හේතුවෙන් ඇති වන ගැටළුවලට බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.