Gossips

කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දෙවන දිනටත්

කෘතිම වැසි ඇති කිරීම සඳහා වන Rainfall Mission ව්‍යාපෘතිය අද දෙවන දිනටත් කාසල්රී ජල පෝෂක ප්‍රදේශයේ සිදු කෙරුනා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Y12 යානයක් යොදා ගනිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ.
ඊයේ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරනු ලැබුවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව තායිලන්ත සමාගමක් විසිනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ.
එය කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉදිරි දිනවලදීත් සිදු කිරීමට නියමිතයි.