Gossips

කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය අදින් ඇරඹේ

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව කෘත්‍රිම වැසි ඇති කිරීමට යොදා ගන්නා ගුවන් යානය අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපළින් නික්මෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්නගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එම ගුවන් යානය මගින් මස්කෙලිය ප්‍රදේශය ආශ්‍රිතව කෘත්‍රිම වැසි ඇති කිරීමට අදාළව රසායනික ද්‍රව්‍ය ඉසීමට නියමිතයි.
එමෙන්ම ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.ජී.එස්. ගුණසේකර පසුගිය දා සදහන් කළේ
වික්ටෝරියා සහ කොත්මලේ යන ජලාශවල ජල මට්ටම් සීග්‍ර ලෙස පහළ බැස ඇති බැවින් තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණ කෘත්‍රිම වැසි පිළිබදව අධ්‍යයනයක් ද සිදුකිරීමට නියමිත බවයි.