Gossips

කෘත්‍රිම වැසි ඉදිරි දින කිහිපයේත්

පවතින තත්ත්වය මත කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වීම මත වියළි කාලගුණය පහව යනතුරු ඉදිරියේදී ද කෘත්‍රිම වැසි ඇති කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඒ අනුව කෘත්‍රිම වැසි ඇති කිරීමට අද (22) සිදුකරනු ලැබුවා.
ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි -12 ගුවන් යානයක් මගින් අඩි 8000 ක් ඉහලින් වූ වලාකුළු යොදාගෙනයි.
වලාකුළු මත රසායනික ද්‍රව්‍යයක් මුදා හරිමින් විනාඩි 45 ක පමණ කෘත්‍රිම වැස්සක් ඇතිකර තිබුණා.