නියඟය පවතින ප්‍රදේශවල සහ විදුලිබල උත්පාදනයට යොදාගන්නා ජලාශ ආශ්රිිත ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා චීනය සමඟ ඇතිකරගත් එකඟතාවන්ට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
අමාත්‍ය දයා ගමගේ විසින් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළ අතර, ඒ අනුව චීනයේ නැංජිං විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
මෙම වැඩසටහන යටතේ ක්‍රමවේද දෙකකින් කෘත්‍රිම වැසි ඇතිකිරීම සිදුකරනු ලබනවා.
ගුවන් යානයක් යොදාගෙන වළාකුළුවලට රසායනිකයක් විසිරවීමෙන් සහ කොත්මලේ කඳු ප්‍රදේශයක සිට රසායනිකයක් ගුවනට මුසු කිරීමෙන් මෙලෙස කෘත්‍රිම වැසි නිර්මාණය කරනු ඇති.