සිංහල අලුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්වීමට කෘත්‍රිම රසකාරක භාවිතා නොකරන ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ වෙනුවට දේශීය කුළු බඩු ඇසුරෙන් සැකසූ ස්වභාවික රස කාරක යොදා ගන්නා ලෙසයි ඔහු කියා සිටියේ.
කෘත්‍රිම රස කාරක භාවිතා කිරීම තුළින් දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග වැලදීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවට ද ඔහු පෙන්වා දුන්නා.
