පක්ෂයේ සාමූහිකත්වය රැකගනිමින් කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වෙත අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවවාද කර තිබෙනවා.
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ සංවාදයක් සිදුවූ බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
එසේම ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කළ කමිටුවේ වාර්තාව ද අද කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.
මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ හමුදා නිලධාරීන් විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකර ඇති බවට පවසමින් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිල්ලක් සිදුකළා.
