කූඨ ලේඛන සකස් කොට මූල්‍ය ආයතනවලින් ලීසිං පහසුකම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ජාවාරම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන, පොලීසියට නියෝග කළේ ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගන්නා ලෙසයි.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හබරන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු කූඨ ලේඛන සකස් කොට රුපියල් එකොළොස් ලක්ෂ 50,000ක මුදලක් වංචා කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.