Gossips

කූට ලේඛන සැකසූ බවට තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමථයකට පත් කර ගන්නා බව අධිකරණයට දන්වයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි විත්තිය සහ පැමිණිල්ල අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
ඒ අනුව එම සමතය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වාර්තා කිරීම සඳහා ලබන මස 04 වනදා නඩුව යලි කැදවීමටයි විනිසුරුවරයා නියම කළේ.
පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.