Gossips

කුළුඳුල් ඡන්දෙ දාන්න, ගමේ ගිය 19 හැවිරිදි තරුණයා ගමක් හඬවමින් අකාලයේ නොඑන ගමන් ගිය හැටි

හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේ දී ඊයේ (09) සවස සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
කොළඹ සිට තලවකැලේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක පාපුවරුවෙන් තරුණයා ඇඳ වැටී එම බස් රථයටම යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කිතුල්ගල පොලිසිය පැවසුවේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය, සාමිමලේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමට සිටිය දී අදාල තරුණයා මෙම අනතුරට පත්ව ඇති බවයි ඔහුගේ ඥාතීන් පැවසුවේ.
අනතුරට පත් තරුණයාගේ මෘත ශරීරය සම්බන්ධයෙ වන පශ්චාත් මරණ පරික්ෂණය අවිස්සාවේල්ල මුලික රෝහලේදී අද (10) දින සිදුකළ බවයි කිතුල්ගල පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.