යක්කල – කතුරුවත්ත ප්‍රදේශයේදී දුරකථන කුළුණක් මත නැගී විරෝධතාවක නිරත වූ පුද්ගලයෙකු වස පානය කිරීමෙන් පසු අද (25) පෙරවරුවේ රෝහල් ගත කර තිබෙනවා.
දෙදරු පියෙකු වන ඔහු ඊයේ පස්වරුවේ මෙම කුළුණට නැග තිබුණේ තමන් හැර ගිය බිරිද යළි ගෙන්වා දෙන ලෙස ඉල්ලමින්.
කෙසේ වෙතත්, පොලීසිය අද උදෑසන ගිනි නිවන රථයක ආධාරයෙන් මොහු දුරකථන කුළුණෙන් බස්සවා ගම්පහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
යක්කල – කතුරුවත්ත ප්‍රදේශයේම පදිංචි මෙම පුද්ගලයා 29 වන වියේ පසුවනවා.