Gossips

කුහකයින් නිසා රටේ සංවර්ධනය අඩපන වෙලා – ඇමති කිරිඇල්ල

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විපක්ෂයේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් ඊට එරෙහි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
මේ අතර, ආණ්ඩුවේම සිටින කුහකයන් නිසා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බාධා මතුව ඇති බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මහනුවර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.