Gossips

කුසල් සහ දිමුත් වාර්තාවක් අභියස

නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හිදි හෙට ආරම්භ වන දෙවන ටෙස්්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට සහ දිමුත් කරුණාරත්නට වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණිමට හැකියාවක් පවතිනවා.
මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර කුසල් මෙන්ඩිස් තුන්වන ස්ථානයේ පසුවන්නේ ටෙස්ට් තරග 11 කදි ඉනිම් 21ක් ක්‍රිඩා කරමින් ලකුණු 941ක් ලබාගනිමින්.
දිමුත් කරුණාරත්න එහි පස්වන ස්ථානයේ පසුවන අතර ඔහු ටෙස්ට් තරග 08 කදී ඉනිම් 15ක් ක්‍රිඩා කරමින් ලකුණු 736ක් ලබා සිටිනවා. ඉන්දියවේ විරාට් කෝලි 2018 වසරේ වැඩිම ටෙස්්ට් ලකුණු ලබාගත් ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවන්නේ ටෙස්ට් තරග 12 කදි ලකුණු 1240 ක් ලබා ගනිමින්. ටෙස්ට් තරග 13කදි ලකුණු 948ක් ලබා ගනිමින් එංගලන්තයේ ජෝ රූට් එහි දෙවන ස්ථානයේ පසුවනවා.
නිරෝෂන් දික්වැල්ල හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සම්බන්ධයෙන් කියා සිටියේ තරගය ජයගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.