ජාත්‍යන්තර 20 යි 20 පිටියේ තම පළමු අර්ධ ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුනා. 
ඔහු ලකුණු 50 ක් රැස් කළේ පන්දු 25 කින්. 
ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්.
අෆීෆ් හුසේන්ගේ පන්දුවකට සෞම්ය සර්කාර් අතට උඩ පන්දුවක් ලබාදෙමින් කුසල් මෙන්ඩිස් දැවී යන විට ලකුණු 53 ක් ලබා සිටියා. 
ධනුෂ්ක ගුණතිලක ලකුණු 30 යි. 
උපුල් තරංග ලකුණු 4 කට දැවී ගියා. 
බංග්ලාදේශය ලබාදුන් ලකුණු 194 ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 8 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටිනවා.



