Gossips

කුසල් මෙන්ඩිස් ජයග්‍රහණය ගැන කතා කරයි

ඉන්දියාව සමග ඊයේ පැවති තරගයේ දැක්වු දක්ෂතාව 20 යි 20 තරගවලදී තම හොඳම ඉනිම බව කුසල් ජනිත් පෙරේරා පවසනවා.
ඔහු ඊයේ පැවති තරගයේ පිළිතුරු ඉනිමේ දී ලකුණු 66 ක් ලබා ගත්තේ පන්දු 37 කින්.
ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් දෙවන වේගවත්ම අර්ධ ශතකය ද ඊයේ කුසල් පෙරේරාගේ වාර්තා අතරට එක්වුනා.
ඔහු ලකුණු 50 ලබාගත්තේ පන්දු 22 කින් වන අතර කුමාර් සංගක්කාර පන්දු 21 කින් අර්ධ ශතකයක් ලබාගෙන තිබෙනවා.
ඉන්දියාව සමග පැවති තරග ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුසල් පෙරේරා කියාසිටියේ තම හැකියාවන් පිළිබඳ දැඩි විශ්වාසයක් පවතින බවයි.
සියයට සියයක ශාරීරික යෝග්‍යතාවකින් තමා පසුවන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ද ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වුවා.
ඔහු කියාසිටියේ කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි.
හොඳින් ක්‍රීඩා කරන්නේ නම් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන බවට සියලුදෙනා දැනුවත් බව ද ඔහු චන්දිමාල් ප්‍රකාශ කළා.
පුහුණු වැඩසටහන්වලදී පාලක මණ්ඩලය ඇතුලු සියලුදෙනා දැක්වු සහයෝගය ද ශ්‍රී ලංකා නායකයා සිහිපත් කරනවා.
පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කාර්ය භාර්යය ද දිනේෂ් චන්දිමාල් ඇගයීමට ලක් කළා.
කණ්ඩායමක් ලෙස තමන් කෙතරම් හොඳ තත්වයක පසුවන්නේ ද යන්න මෙම ජයග්‍රහණයෙන් පිළිඹිඹු වන බවයි දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් කියාසිටියේ.