Gossips

කුසල් මෙන්ඩිස්ගෙන් කලකට පසු ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වෙලින්ටන් හිදි සිව් වන දිනටත් ක්‍රියාත්මකයි.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරනවා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් අද සිය හයවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 282ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 578ක් රැස් කළා.