Gossips

කුසල්, දුශ්මන්ත, නුවන්ට සුවයි

බංග්ලාදේශ සංචාරයේදී කායික ආබාධවලට ලක්වූ කුසල් පෙරේරා, දුශ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු නිදහස් කුසලාන තරගාවලිය සඳහා සුවය ලබා සිටින බව වාර්තා වනවා.
කෙසේ නමුත්, නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කායික යෝග්‍යතාව තවමත් අවිනිශ්චිත බව සඳහන්.
කායික ආබාධයකට ලක්වීම නිසා අසේල ගුණරත්නට සහ වේග පන්දු යවන ක්‍රීඩක ශෙෂාන් මධුශංකට නිදහස් කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා.
මේ අතර, අන්තර් සමාජ තරඟවලදී දස්කම් දැක්වූ ලසිත් මාලිංග කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු විය හැකි බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.