Gossips

කුසල් ජනිත් ශ්‍රී ලංකාවට ජයග්‍රණයේ බලාපොරොත්තු ගෙන එයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි.
ලකුණු 304ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 9කට ලකුණු 284ක් ලබා ගෙන සිටිනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා මේ වන විට නොදැවී ලකුණු 129ක් ලබා සිටින අතර ඒ ඔහුගේ දෙවන ටෙස්ට් ශතකයද වනවා.
එහිදී කුසල් ජනති පෙරේරා සමඟ ධනංජය ද සිල්වා හයවන කඩුල්ලට ලකුණු 96ක් එක් කිරීමට සමත් වුණා.
තරඟය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදියි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තරඟය ජයග්‍රහණය කිරීමට තවත් ලකුණු 20ක් අවශ්‍ය වනවා.