දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ටෙස්ට් ජයග්‍රහණයක් හිමිකර දුන් කුසල් ජනිත් පෙරේරා අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ස්ථාන 58ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු නම් කර ඇත්තේ පිතිකරු දර්ශකයේ 40 වන ස්ථානයටයි.
දකුණු අප්‍රිකානු පිළට එරෙහිව ශ්‍රී ලංකාව මෙහෙය වූ දිමුත් කරුණාරත්න, එහි 10 වන ස්ථානයේ පසුවන අතර, ඇන්ජලෝ මැතිව්ස් 17 වන ස්ථානයේත්, දිනේෂ් චන්දිමාල් 27 වන ස්ථානයේත් රැදී සිටිනවා.
පසුගිය වසරේ විරාට් කෝලිට පසුව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කුසල් මෙන්ඩිස් රැදී සිටින්නේ 29 වන ස්ථානයේයි.
මේ අතර, පැට් කමින්ස්, ග්ලෙන් මැග්‍රාත්ට පසුව ප්‍රථම වරට අයි.සී.සී. ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ පෙරමුණ ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්වී තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී දස්කම් දැක්වූ කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු ද ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.
