Gossips

කුසල් ජනිත්ට දකුණු අප්‍රිකාව සමඟ ඇති ඉතිරි තරඟ සියල්ල අහිමි වෙයි

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින තරඟ 2ක් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ ඊයේ පැවැති තුන්වන එක්දින තරඟයේදී කුසල් ජනිත් පෙරේරා හට වම් කලවයේ අබාධයක් ඇති වූ අතර ඒ හේතුවෙන් ඔහුට තරඟයේ පිතිකරණයේ ද යෙදීමට හැකි වුයේ නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කුසල් ජනිත් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් දකුණු අප්‍රිකාවට පිටත් කර නොයැවීමට තීරණය කර ඇති බවයි.rn