Gossips

කුසල් ජනිත්ගේ පිත්තේ පිහිටෙන් ශ්‍රී ලංකා පිලට ටෙස්ට් ජයක්

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ට‍ෙසේට් තරඟය තියණු සටනකින් පසු එක් කඩුල්ලකින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර අද සමත් වුණේ කුසල් ජනත් පෙරේරාගේ සුපිරි පිතිහරඹය හේතුවෙන්.
තරඟයේ පළමුව කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුව පන්දු රකිමටයි.
එම තීරණයට සාධාරණයක් කිරීමට ශ්‍රී ලංකා පන්දු සමත් වූ අතර ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් කඩුලු 3ක ලකුණු 17ක් වන විට දවා ගනිමින්.
කෙසේ වෙතත් දකුණු අප්‍රික කණ්ඩායමේ වැටුණු ඉනිම කුයින්ටන් ඩිකොක් ගොඩනැගීමට කටයුතු කළා. එහිදී ඩිකොක් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා.
දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 235කට සිමා වූ අතර එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.
ඒ අනුව ලකුණු 235 ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 191ක් පමණයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 50ක් රැස්කරගත් අතර නායක දිමුත් කරුණාරත්න ලබා ගත්තේ ලකුණු 30ක් පමණයි.
ඒ අනුව දකුණු අප්‍රිකාව දෙවන ඉනිමේ දී ලකුණු 44ක වාසියක් ලබාගත් අතර ඔවුන් සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 259කි.
දකුණු අප්‍රිකාවේ දෙවන ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆැෆ් ඩුප්ලේසි ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ලසිත ඇඹුල්දෙනිය එහිදී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබූ අතර ඔවුන් එම ඉලක්කයක් පසුකර යාමට අද සමත් වුණා.
ඒ එක් කඩුල්ලකින් තරඟය ජයග්‍රහණ කරමින්.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රණයට පාර කැපු කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වුණා.
ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ඔෂද ප්‍රනාන්දු ලකුණු 37ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 48ක් රැස් කළා.
තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමටද කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.