Gossips

කුසගිනි ඉවසා ගැනීමට නොහැකිව මවට පහරදුන් පුතෙක් අත්අඩංගුවට (ඡායාරූප)

තම මවට ගලකින් පහරදී තුවාල සිදු කළ 11 හැවිරිදි පිරිමි ළමයෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව ඔහු මෙලෙස මවට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
රෝගී වීම හේතුවෙන් නිදා සිටි තමන්ට අද උදෑසන පුත්‍රයා විසින් මෙලෙස පහරදුන් බවට මෙම කාන්තාව සඳහන් කර තිබෙනවා.
තම සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර වැඩිමහල් පුත්‍රයා පාසල් නොගොස් කුලී වැඩවල නිරත වෙමින් සිටින බවයි ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
සැමියා මාස දෙකකට පමණ වරක් නිවසට පැමිණෙන අතර ඔහු නිවසට ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පුත්‍රයා අසල්වැසි නිවෙස්වල සේවය කර දෛනිකව අවශ්‍ය ආහාරපාන සඳහා මුදල් සොයාගන්නා බවට ද මෙම මව සඳහන් කර තිබෙනවා.
අද දිනයේ තම පුත්‍රයා ආහාරයට යමක් ඉල්ලු අවස්ථාවේ නිවසේ කිසිවක් නොමැති බව පැවසීමත් සමග ගලකින් පහරදී තුවාල සිදු කළ බවයි ඇය කියාසිටියේ.
තුවාල ලැබු කාන්තාව බගවන්තලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකාර පුත්‍රයා හෙට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කළා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ