Gossips

කුවේට් ගුවන්තොටුපලේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි

පවතින අධික වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලට යානා පැමිණීම සහ පිටවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අද උදෑසන එලෙස පැමිණි ගුවන් යානා කිිහිපයක් අවට රටවල ගුවන්තොටුපල වෙත ගොඩබස්වනු ලැබූ බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේ සිට කුවේට් රාජ්‍යයේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කාර්යාලය ද වසා දමා ඇති බව සදහන්.