Gossips

කුලී නිවසක නීති විරෝධී ඉන්ධන ගබඩාවක් (ඡායාරූප)

සූරියවැව ගල්වැව හංදිය අසල කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී ඉන්ධන ගබඩාවක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි අද පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු වසර 2 ක පමණ කාලයක් විවිධ ස්ථානවල කුලී පදනම මත රැඳී සිටිමින් ඉන්ධන ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වල නිරත වාහනවලිල් ලබාගන්නා ඩීසල් එක් රැස් කර නැවතත් එම ඉදි කිරීම්වල නිරත ටිපර් රථ සඳහා අඩු මුදලට අලෙවි කරන බවයි.
සැකකරු සමග කුඩා ලොරි රථයක සකස් කළ විද්‍යුත් ඉන්ධන මැනුම් යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගැනුනා.
සැකකරු හෙළිකර ඇත්තේ දිනකට අධිවේගී මාර්ගයේ සේවයේ නිරත වාහනවලින් ඩීසල් ලීටර් ලක්ෂයක් පමණ ලබා ගන්නා බවයි.
රුපියල් 80 ක මුදලකට ඩීසල් ලීටරයක් ලබාගෙන ඒවා අත්පිට මුදලට මිලදී ගන්නේ නම් රුපියල් සියයකටත් ණයට ලබා දෙන්නේ නම් රුපියල් 123 ක මුදලකටත් අලෙවි කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඩීසල් ලීටර් 2000 ක්, ඉන්ධන ගබඩා කිරීමට යොදාගත් ප්ලාස්ටික් කෑන් 50 ක් සහ බැරල් කිහිපයක් ද සොයා ගැනුනා.
අත්අඩංගුවට ගත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්හය දහසක් පමණ වන බව සඳහන්.
මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා 15 කදී පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අයෙක් බවට ද හෙළිවී තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා සූරියවැව පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර