කුලියාපිටිය – මඩකුඹුරමුල්ල ප්‍රදේශයේ ගල්තලාවක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කුලියාපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකළ බවයි. 
අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



