කුලියාපිිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් අසලදී හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 251යි මිලිග්‍රෑම් 400 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධික වන අතර, 36 හැවිරිදි සැකකරු කුලියාපිිටිය – පල්ලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
