International

කුලියාපිටියේ ගැටුම් ඇතිකළේ පිටින් පැමිණි මැරයින් පිරිසක් – එජාප මහලේකම්ගේ බත්බැලයෝදැයි සැක.

මේ ලිපිය ලියන විටද කුලියාපිටියට ඇඳිරිනීතියය… ඊයේ හවස් යාමයේ කුලියාපිටිය නගරයේ කඩ වලට පහර දීම තනිකරම එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ දේශපාලන මැරයන් විසින් උසි ගැන්වූ ක්‍රියාවලියක් බව මේ වනවිට පොලීසියට අනාවරණය වී තිබේ. හවස දෙකට කුලියාපිටිය නගරයට පැමිණි අකිල විරාජ් ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා මේ සියල්ල සැලසුම් කර ඉවත් ව ගොස් ඇති බවත්, සැක කරුවන් බේරා ගැනීම සඳහා ඔහු නැවත පැමිණි බවත් පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත පවසා සිටියහ.

රටක යහපාලනය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ රජය කැපවීමකින් කටයුතු කරන වෙලාවක, අකිල විරාජ් ඇමතිවරයා විසින් කරන ලද මේ නින්දිත ක්‍රියාවලිය හෙලා දැකිය යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳව බස්නාහිර, මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිවරයා විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ටද දන්වා ඇති අතර, ඒ පිළිබඳ දැඩි විවේචනයක්ද පක්ෂ සාමාජිකයින් සමඟ එල්ල කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ප්‍රභල මන්ත්‍රීවරයෙක් අප සමඟ පවසා සිටියේය.

කෙසේ වෙතත් ආරක්ෂක හමුදා සහ පොලීසිය අත් අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් තිදෙනෙක් මේ වනවිටත් මුදා ඇති බව වාර්තා වෙන අතර, ඔවුන් තිදෙනා අකිල විරාජ් ඇමතිවරයාගේ සමීපතම දේශපාලන සේවකයන් බව වාර්ථා වේ.

අපගේ විශේෂ ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් පණිවිඩයක කොටසක් පහතින් සටහන් කරන්නෙමු.


අද සවස 6ට පමණ මෝටර් සයිකල් සහ ත්‍රීරෝධ වලින් පැමිණි 1000කට වැඩි තරුණ කණ්ඩායමක් එක්වරම කුලියාපිටිය නගරයේ වෙළඳසැල් වලට ගල් මුල් ප්‍රහාර එල්ල කරලා.

ඒ වනවිට නගරයේ ආරක්ෂාවට පොලිසියෙන් හිටියා උනත් ඔවුන් ටිකක් ඉදලා තමයි නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ.

කුලියාපිටියේ ජනතාව කියන්නේ ඒ තරුණ පිරිස ඒ ප්‍රදේශයේ අය නෙමෙයි කියලයි. තත්වය සමතයකට පත්වෙලා තියෙන්නේ දැන් ටිකකට කළින්.

එකපාරටම බැහැලා ගැහුව මේ සෙට් එක එහෙනම් කවිද?
ඇයි නීතිය පොඩ්ඩක් පරක්කු උනේ?
හදිසි නීතිය තියෙන වෙලාවක බය නැතුව ඇවිත් ගහයිද?

ආණ්ඩුව විසින් සැළසුම් සහගතව මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ නැවත 83ක්ද?

ප්‍රදේශයේ නොවන තරුණයෝ නගරෙට ඇවිත් ගහන්න තරම් සැළසුම්සහගත මෙන්ම බය නැතිවෙන්නේ ආණ්ඩුවේ දේශපාලන හස්තයක් මේ යටින් ක්‍රියාත්මක නිසාද?