Gossips

කුලියාපිටියේ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ කච්චේරිය මංසන්ධියේ අද සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාදම්පේ ප්‍රදේශයේ සිට කුලියාපිටිය දෙසට යතුරුපැදියකින් සිය ඥාතියෙකු සමඟ ගමන් කරමින් සිටියදී අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට හැරවූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.