Gossips

කුලියාපිටියේදී සිසුවෙකුට පහරදුන් සැකකාර සිසුවා අධිකරණයට

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශිෂ්‍යයෙකුට සුලූ සිද්ධියක් මුල්කරගෙන කුලියාපිටිය තිස්ස මාවතේදී පහරදුන් සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද (04) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහායි.
මේ සිදුවීමෙන් තුවාල ලැබූ සිසුවා නොවැලක්විය හේතුවක් නිසා අද දින අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
පසුගිය 28 වැනිදා කුලියාපිටිය තිස්ස මාවතේදී මෙලෙස පහරකෑමට ලක්වුයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ සිසුවෙක්.
පළාත් පාලන මැතිවරණයේදී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරඟ කළ අපේක්‍ෂකයෙකුගේ මෙහෙයවීමෙන් මේ පහරදීම සිදුකර ඇතිබවටයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
මේ අතර මෙම පහරදීම සිදුවන අකාරය එම ස්ථානයට යාබද පිහිටි වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබූණා.
එම වීඩියෝව පහතින්..