Gossips

කුලියාපිටියේදී මත්කුඩු සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

කුලියාපිටිය – මීගහකොටුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් හමුවී ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලායාමට තැත් කිරීමේදී පොලීසිය වෙඩි ප්‍රහාරයක්ද එල්ල කළා.
වෙඩි ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයෙකුගේ පාදයකට සුළු තුවාල සිදුව ඇති අතර, ඔහු මේ මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරමේ නිරතවී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.