ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද කළ විශිෂ්ඨතම කුළු බඩු ප්‍රභේදය වන කුරුඳු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික කුරුඳු සතිය හෙට (07) ආරම්භ වනවා.
එය කුරුඳු වගා කෙරෙන ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එමෙන්ම කුරුඳු නිෂ්පාදනවලට අදාළ වෙළඳ ප්‍රදර්ශනයක් ද මැයි 10 වන දා සහ 11 වන දා මාතර පැරණි ලන්දේසි වෙළඳපොළේදී පැවැත්වීමට නියමිතයි.
