Gossips

කුරුඳු බීජ හිඟයක්

පසුගියදා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුරුඳු බීජ ලබාගැනීමේ ගැටළුවක් මතුව ඇති බව සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් කුරුඳු පැළ සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
කුරුඳු සඳහා වෙළඳපොලේ පවතින ඉහළ ඉල්ලූම හේතුවෙන් ගොවීන් කුරුඳු අස්වැන්න නියමිත කාලයට පෙර ලබාගැනීමට උත්සහ කිරීම හේතුවෙන් බීජ හිඟයක් මේ වනවිට ඇතිව තිබෙනවා.