Gossips

කුරුඳු අපනයනයෙන් වාර්තාගත විදේශ විනිමයක්

ශ්‍රී ලංකාව පසුගිය 2017 වසර තුළ කුරුඳු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 202 යි දශම 5 ක වාර්තාගත විදේශ විනිමයක් හිමිකරගෙන තිබෙනවා.
එය පෙර වසරට වඩා සියයට 30 ක වර්ධනයක් බවයි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාව ලොව ඉහළම ප්‍රමිතියෙන් යුත් කුරුඳු නිෂ්පාදකයෙකු ලෙස නම් කර ඇති රටක්.
මේ නිසා මෙරට කුරුඳු සඳහා ලෝක වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන්.
එහෙත්, ශ්‍රී ලංකාව තවමත් අපනයනය කරනු ලබන්නේ ගෝලීය කුරුඳු ඉල්ලුමෙන් සියයට 18 ක් පමණයි.