Gossips

කුරුඳුවත්තේදී කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ – කුරුඳුවත්ත – හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන් ලඟ තිබී කේරළ ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 585 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.