දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුම ආසන්නයේ ගරාජයක් අසළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් තුනකට වැඩි ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 3කට වැඩි බව සඳහන්.
