Gossips

කුරුණෑගලින් වළාකුළුවලට සමාන ද්‍රව්‍යයක් හමුවේ

කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ පිහිටි වෙල්යායක තිබී වළාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවීම ස්වභාවික සංසිද්ධියක් බවට අනාවරණ වී තිබෙනවා.
අද අලූයම මෙම ද්‍රව්‍යය හමුවු අතර, වෙල්යායේ සැළකිය යුතු ප්‍රදේශයක් පුරා එය පැතිරී තිබූ බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
හිරු එළිය පතිත වනවිට එය ක්‍රමයෙන් දියවී යන ස්වභාවයක් දක්නට ලැබුණු බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
සිද්ධිය සැළවීමත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළා.
මෙය ස්වභාවික සංසිද්ධියක් බවයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ අනුර විරාජ් දිසානායක කියා සිටියේ.