පුරන්වූ කුඹුරු යළි අස්වැද්දීමේ වැඩපිළිවෙල යටතේ මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර 27,000 ක් වගා කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පසුගිය යළ කන්නයේදීද පුරන් කුඹුරු අක්කර 13,000 ක් නැවත වගා කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
රට තුළ පුරන් කුඹුරු අක්කර එක්ලක්ෂ 40,000 ක් පමණ පවතින බවත්, ඉන් කුඹුරු අක්කර එක්ලක්ෂ 14,000 ක් ඉතා හොඳින් වගා කිරීමට හැකි මට්ටමක පවතින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.
