Politics Sri Lanka

කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන

කුමාර වෙල්ගම ගැන තවදුරටත් විමර්ශන

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනය මෙතෙක් අවසන් නැතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊවා වනසුන්දර, නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන යන මහත්ම හමුවේ අද කැඳැවිණි.

පෙත්සම පිළිබඳ වැඩිදුරටත් සලකා බැලීම ලබන ඔක්තෝබර් 15 වැනි දිනට කල් තබා ඇත.

මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක්‍රමිකතාවයක් සිදු කළැයි සඳහන් කරමින් තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බී වාර්තා තුනක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.