Gossips

කුම්භමේලාවට ඉන්දියාව කෝටි 4300 ක් වෙන් කරයි

ලෝක උරුම සංස්කෘතිකාංගයක් ලෙස නම් කර ඇති ඉන්දියානු කුම්භමේලා සැණකෙළියට උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය රුපියල් කෝටි 4300 ක් වෙන්කර තිබෙනවා.
ඒ, මෙම ආගමික උත්සවයට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමටයි.
ජනවාරි 15 වනදා ආරම්භ වන මෙවර කුම්භමේලා සැණකෙළිය සඳහා විසි ලක්ෂයක් පමණ බැතිමතුන් සහභාගිවනු ඇතැයි අපේක්ෂිතයි.
ගංඟා, යමුනා, සරස්වතී, ගෝදාවරී ආදී ශුද්ධවූ ගංඟාවන්හි ස්නානය කොට පාරිශුද්ධත්වය ලැබීම සඳහා වාර්ෂිකව කුම්භමේලා සැණකෙලිය සංවිධාන කරනු ලබනවා.
ඔවුන් මෙම සැණකෙළිය පවත්වනු ලබන්නේ විෂ්ණු දෙවියන් විසින් අමෘතය රැගෙන යාමේදී හෙළනු ලැබූ බව කියන ස්ථාන මුල් කරගෙනයි.