Gossips

කුමන වනෝද්‍යානයේ, දිවියන් බහුල ප්‍රදේශවල සංචාරය තහනම්

කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයන් සඳහා තාවකාලිකව තහනම් කලාප ලෙස නම් කර තිබෙනවා.
එම ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිවියෙකු පහර දී පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ වන විටත් දිවියන් 30ත්, 40ත් අතර ප්‍රමාණයක් කුමන ජාතික වනෝද්‍යානය තුළ වාසය කරන බව සඳහන්.
මේ අතර, ඊයේ සිදුවූ මෙම පහරදීමෙන් වනෝද්‍යානයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක නිරත කම්කරුවෙකු ජීවීතක්ෂයට පත්වූ අතර, තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.
දිවියා විසින් එම කම්කරුවා ඩැහැගෙන ගොස් තිබූ අතර පසුවයි වනජීවි නිලධාරීන් ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ.
කම්කරුවන් 4 දෙනෙකු සමඟ ට්‍රැක්ටරයකින් ඔහු බොරළු පස් ප්‍රවාහනය කර ඇති අතර දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව තුරු සෙවනක ගිමන් හරිමින් සිට තිබෙනවා.
එහිදී මෙලෙස දිවියෙකු ඩැහැගෙන ගොස් තිබුණා.
දිවි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා තවදුරටත් අම්පාර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
මෙලෙස බරපතල තුවාල ලැබුවේ පෞද්ගලික ජිප් රථයක රියදුරෙකු වන අතර ඔහු දිවියා විසින් ඝාතනය කරන ලද පුද්ගලයා ගලවා ගැනීම සඳහා පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ.