Gossips

කුමන අභියෝග හමුවේ වුව ද ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන බව ජනපති කියයි

කුමන අභියෝග හමුවේ වුව ද රටත් ජනතාවත් වෙනුවෙන් වූ වගකීම් ඉටු කිරීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඉදිරි කාල සීමාව තුල රට වෙනුවෙන් ගත යුතු තීන්දු සහ තීරණ නිසි පරිදි ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ යහපත් සමාජයක් සහ උගත් බුද්ධිමත් අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බවයි.
යහපත් සමාජයක් ගොඩනැගීමේදී වැදගත් කරුණක් වන පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට රජය සුවිශේෂී වැඩකොටසක් ඉටු කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මෙම වසර අවසන් වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රෝහල් සහ පිරිවෙන් කිසිදු අඩුපාඩුවක් නොමැති අංග සම්පුර්ණ ස්ථාන බවට පත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියාසිටියේ.