Gossips

කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ – පොදුජන පෙරමුණ කියයි

මෙවර මැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ කුමන්ත්‍රණකාරි ලෙස ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ඔවුන් සිය ජයග්‍රහණය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව කරුණු දැක්වීමට බත්තරමුල්ල – නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (11) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මේ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහනුවර පිහිටි සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 30 වන වතාවටත් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වී ඇති බවයි.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මැතිවරණයේ ඡන්ද පදනම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ 2015 වර්ෂයට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙහි ඡන්ද පදනමෙහි වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.