Gossips

කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න සූදානම් – නිදහස් පක්ෂය

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදීමට එරෙහිව මේ දිනවල විවිධ පාර්ශව සිදුකරන කුමන්ත්‍රණවලට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පැරණි කෝන්තර යළි ඉස්මතු කර තම ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති මහා බලවේගය කඩා කප්පල් කිරීමට මේ දිනවල විවිධ කුමන්ත්‍රණ සිදුකරමින් පවතින බව ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකකම හිටපු අගමැතිවරයාට ලැබිය යුතු බවට වන පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබදව ද එක්සත් ජාතික පක්ෂයට නිසි අවබෝධයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.