ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් මවක් සහ කුඩා දියණියක් ජීවත් වූ නිවසක් මුළු මනින්ම විනාශවීමේ පුවතක් තණමල්විල, කිවුල්ආර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම මව සහ දියණිය ඊයේ රාත්‍රියේ අසල නිවසක් වෙත ගොස් ඇති අවස්ථාවක විදුලි බලය ද නොමැති නිවසේ දල්වා තිබූ කුප්පි ලාම්පුව පෙරලී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
අවුරුදු හයක් වන කුඩා දැරියට මේ වනවිට පාසල් යෑමට ද පවා නොහැකි ඇත්තේ ගින්නෙන් නිවසේ තිබූ සියලුම දෑ විනාශ වී තිබීම හේතුවෙන්.
මෙම පවුලේ පියා මොවුන් අතහැර යාමෙන් පසු කුඩා දැරිය සහ මව මෙම නිවසේ තනිව ජීවත්ව තිබෙනවා.
