Gossips

කුණු සඳහා රුපියල් මිලියන 100ක්

කැළි කසල අපහරණය සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු රුපියල් මිලියන 207ක මුදලින් රුපියල් මිලියන 100ක් කොළඹ මහනගර සභාව විසින් ගෙවා තිබෙනවා.
කෙරවළපිටිය කසල අංගනයට කොළඹ මහනගර සභාවේ කැළි කසල භාර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පසුගිය සෙනසුරාදා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගනු ලැබුවේ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන්.
කෙසේ වෙතත්, රුපියල් මිලියන 100ක මුදලක් සංස්ථාවට ගෙවීම හේතුවෙන් අද සිට කොළඹ කැළි කසල භාර ගැනීමට කටයුතු කරන බවයි එම සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන සඳහන් කළේ.