අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයේ මපූටෝ අගනුවර දැවැන්ත කුණු කන්දක් වර්ෂාවත් සමඟ කඩා වැටීමෙන් අවට පැල්පත් නිවාස යට වී පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මීටර් 15ක් පමණ උසැති කුණු කන්ද ඊයේ (19) මෙලෙස කඩා වැටීමට ලක්වූ අතර, කුණු කන්ද අසළ පදිංචිව සිටි දුගී පවුල් මෙම ඛේදවාචකයෙන් අනතුරට ලක්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මිය ගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව මොසැම්බික් බලධාරීන් ප්‍රකාශ කළා.