කොළඹ මහ නගර සීමාවේ කැළි කසළ භාර ගැනිම ප්රතික්ෂේප කළේ ඊට අදාළ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (07) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම නතර කිරිමට සිදුවන බවට කොළඹ නගරාධිපති රෝසි සේනානායක ඊයේ (06) දිනයේ ප්රවෘත්ති සාකාච්ජාවක් පවත්වමින් සදහන් කළේ ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් කසල භාර නොගන්නා බවට සදහන් කරමින්.