Gossips

‘‘කුඩු සුද්දී’’ පැන්නාට පොලීසියේ තුනකගේ වැඩ තහනම්

හික්කඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරික්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ, හෙරොයින් මිලිග්‍රෑම් 1600 ක් සමඟ හික්කඩුව – කළුපෙ ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිස් භාරයේ සිටියදී පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
පලාගොස් ඇති මෙම කාන්තාව කුඩු සුද්දි නමිනුයි ප්‍රදේශයේ ප්‍රකටව ඇත්තේ.
35 හැවිරිදි මෙම කාන්තාව හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ සිටියදී මෙලෙස පලාගොස් තිබෙනවා.
මේ අතර රුපියල් පනස් අටලක්ෂයක් වටිනා මෙතම්ෆෙටමින් හෙවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතික තරුණයෙකු අද අලූයම කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චෙන්නායි නුවර සිට පැමිණි 22 හැවිරිදි මෙම තරුණයා සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල බර ග්‍රෑම් 484ක්.
ඔහු සිය ගමන් මල්ලේ සඟවා මෙම මත්ද්‍රව්‍ය පාර්සල් ලෙස සකස් කර රැගෙන විත් තිබෙනවා.
එමෙන්ම රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු චෙන්නායි සිට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මළු පරීක්ෂා කළ රේගු නිලධාරීන් එහි තිබී මෙම හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් එක සොයාගෙන ඇති බව සඳහන්.
සැකකරු 37 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.