Gossips

කුඩු නුවන් පොලිස් දැලේ

පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ නුවන් උදය ගුණතිලක නොහොත් 'කුඩු නුවන්' අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ, ගනේමුල්ල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අද (25) අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (26) දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ජීව අත් බෝම්බයක්ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.