Gossips

කුඩු චූටිට වෙඩි තැබූ ජී.බුම්බා අත්අඩංගුවට

ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය ගම්පොළ ප්‍රදේශයේ දී අද අලුයම සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි.
33 හැවිරිදි මෙම සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතන 2 කට සහ පෙබරවාරි මාසයේදී කොටහේන – මැල්වත්ත – මෛත්‍රී බෝධිරාජ මාවතේදී කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරි හෙවත් කුඩු චූටිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ද මොහු සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.
මේ අතර, පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ නිවසක තිබූ දියමන්තියක් යැයි පැවසෙන පාෂාණය කොල්ලකෑමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු දෙල්කඳ ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථානයක් ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චමිල රංගන පෙරේරා හෙවත් පැඟිරිවත්තේ සුද්දා නමැත්තායි.
මොහු මීට පෙර බන්ධනාගාර ගතව සිටි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.